FAST NEWS

24×7 Around the Globe

දෛවයේ මිනිසා මනූෂ ,පුද්ගලයෙකුගේ දෛවය වෙනස් කරයි.(වීඩියෝ )

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟවදින මනූෂ නානයක්කාර මහතාගේ කැබ්රියට යටවූ පුද්ගලයෙක් ඔහුගේ මොටර් රථයෙන් රෝහලට ගෙනයාම පැහැර හරිමින් ඔහුව වෙනත් මෝටර් රථයකින් රෝහලට ගෙනයාමට ඇවිටිලිකරමින් සිටින වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

අදාල වීඩියෝව නරඹා ඇති බොහෝ දෙනෙකු මනූෂගේ හැසිරීම පිළිකුල් කර අදහස් දක්වා ඇත.

මේ අනතුරට පත්වූ අය මියගොස් ඇති බවද වාර්තා වේ.

එම රිය අනතුර සිදුව ඇත්තේ ඊයේ (09) සවස 3.30 ට පමණ ගාල්ල ඉමදුව ප්‍රධාන මාර්ගයේ හබරාදූව දහය කණුව ප්‍රදේශයේ දීය.

අදාල පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මාර්ගයේ එක් පසකින් පැමිණි ට්‍රක් රථයක් මග හැර යෑමේ දී අසලින් ගමන් කළ මනූෂගේ කැබ් රියට එම පුද්ගලයා යටවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඉමදුව පුස්සැල්කඩ ප්‍රදේශයේ පදිංචි රණේපුර හේවගේ ගුණරත්න නැමැති 76 හැවිරිදි පුදිගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසි සහ අහංගම පොලිසිය එක්ව පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

මියගිය පුද්ගලයාගේ දේහය හදිසි මරණ පරීක්ෂණය සදහා කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.

[youtube url=”https://www.youtube.com/watch?v=NYhtgMZKHqs” width=”560″ height=”315″]