FAST NEWS

24×7 Around the Globe

තිලංග ඇතුළු පිරිසක් සාකච්ඡාවක් සදහා ක්‍රීඩා ඇමතිගෙන් අවස්ථාවක් ඉල්ලයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් සහ හිටපු අතුරු කමිටු සභාපතිවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහ ඒ මහතාගේ පාර්ශ්වයට එරෙහිව පසුගියදා (19) ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (04) අමාත්‍යවරයා වෙත ලිපියක් බාරදී තිබේ.
ජුලි මස 01 වැනිදා සකස් කළ එම ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල, හිටපු උපසභාපතිවරුන් වන මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, හිටපු ලේකම් රොෂාන් බියන්වල සහ භාණ්ඩාගාරික ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ අත්සන් යොදා ඇත.
මෙම ලිපිය ඊයේ (04) පාර්ලිමේන්තු කටයුතු අවසන් වූ පසු ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදීමට කටයුතු කර ඇත.