FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ හිටපු අගමැති ඇපමත මුදා හරියි..

අත්අඩංගුවට ගනු ලැබූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් ඇපමත මුදාහැරීමට කටයුතු කර ඇත.
සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා 03 කට සහ බලය අයුතු ලෙස යොදාගැනීමේ චෝදනාවකට හිටපු අගමැතිවරයාව අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු අගමැතිවරයා විසින් පිහිටවනු ලැබූ රාජ්‍ය අරමුදලකින් ඇ.ඩො.මිලියන 700ක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, තවත් ඩොලර් බිලියන ගණනක මුදලක් ගිණුම්වල සටහන් නොවීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුවෙමින් පවතී.
මීට අමතරව, ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ සතුව තිබූ ඇ.ඩො.මිලියන 273ක් පමණ වටිනා ආභරණ මෙන්ම, අත්බෑග් සහ මුදල් තොගයක්ද පොලිස් අත්ඩංගුවට පත්විය.
මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන නජීබ් රසාක්, මෙසේ චෝදනාවලින් නිදහස් වුවද, ඔහුට එරෙහිව වෙනත් රටවල ද තවම පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.