FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන් තොටුපල පවත්වාගෙන යාමට ඉන්දියාවෙන් 70% ක්..

මත්තල ගුවන් තොටුපල ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා වන සාකච්ඡාවක් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ (04) පස්වරුවේ පවත්වනු ලැබූ අතර එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා 70% ක් ඉන්දීය රජයෙන්ද 30% ක් ශ්‍රී ලංකා රජයෙන්ද යෙදවීමට යෝජනාවී ඇත.
ඒ අනුව අදාළ යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.