FAST NEWS

24×7 Around the Globe

සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීමට සැලසුමක්..

ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම අගය වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
මේ හේතුවෙන් ඉදිරි මාස 06 තුළ සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ලංකා සතොස වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ලංකා සතොස පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට www.Lankasathosa.org වෙබ් අඩවියට පිවිසිය හැක.