FAST NEWS

24×7 Around the Globe

ගමනාගමන කටයුතු සදහා පෙරගෙවුම් කාඩ්පතක් මාස 3ක් ඇතුළත…

බස්රථවලට, දුම්රියට හා පොදුවේ වෙනත් කටයුතුවලට භාවිත කළහැකි පෙරගෙවුම් කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ එම කොමිසමේ සභාපති ඉංජිනේරු එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ මෙම කාඩ්පත හඳුන්වා දීම හරහා මාරුකාසි ගැටලුවට විසඳුම් ලැබෙන බවයි.
මීට අමතරව සමස්ත ප්‍රවාහන සේවාවේ දත්ත හා සමස්ත ප්‍රවාහන මාර්ගවල දත්ත අඩංගු තොරතුරු පද්ධතියක් මාස 06 ක් ඇතුළත එළිදැක්වීමටද කටයුතු කරන බව ඒ මහතා සදහන් කරයි.
ගූගල් සිතියම හරහා මෙම දත්ත පද්ධතියේ තොරතුරු ජනතාවට නොමිලේ ලබාගැනීමට හැකිවන බවත්, මෙම තොරතුරු පද්ධතිය හරහා බස් ගාස්තුව මෙන්ම අවශ්‍ය ගමනාන්තයට කඩිනමින් ළගාවිය හැකි මාර්ග හා ප්‍රවාහන සේවා තොරතුරු ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රමය යටතේ මුලින්ම බස්නාහිර හා දකුණු පළාත්වලට අදාළ අන්තර් පළාත් බස් සේවාවේ හා දුම්රිය තොරතුරු ඇතුළත් කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.