FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වේදිකාවලටත් කහ ඉරක්..

පසුගිය මාස 05 තුළ පමණක් දුම්රිය අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 241 ක් වන බවත් ඒ අනුව දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප‍්‍රකාශ කරයි.
ප‍්‍රධාන දුම්රිය හා වේදිකා යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන බවත්.
දුම්රිය වේදිකාවල කහ ඉරක් සළකුණු කරන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසා සිටියි.