FAST NEWS

24×7 Around the Globe

නජීබ් රසාක් අත්අඩංගුවට…

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ව එරට දූෂණ මර්ධන නිලධාරීන් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය පාලන සමය තුළ ආරම්භ කෙරුණු මැලේසියානු සංවර්ධන අරමුල මගින් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට එල්ලවී ඇති චෝදනාවලට අදාළවයි.
හිටපු අගමැතිවරයාව හෙට(05) ක්වාලාලම්පූර් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.