ජුලි මාසයේ දී මිල අධික පිළිකා ඖෂධවල අවම මිල රුපියල් 64,000 දක්වා අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියි .
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය නගර මධ්‍යයේ ඉදි කළ පෝෂණ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහිදී වැඩුදරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“පිළිකා ඖෂධවල මිල පැවැතුනේ රුපියල් 285,000 කටයි. ඉන් පසු එය රුපියල් 144,000 දක්වා අඩු කිරිමට මම පියවර ගත්තා. ඒ රුසියාවේ නිෂ්පාදිත පිළිකා ඖෂධයක් හදුන්වාදීමෙන්. තවත් පිළීකා ඖෂධ සමාගම් 02 ක් ලියාපදිංචිය සදහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සීමාව ලක්ෂ 15 ක් පමණයි තිබුනේ. එම සීමාව ඉවත් කරමින් අඛණ්ඩව ඖෂධ ලබාදීමට මම පියවර ගත්තා.
එහිදී වසරකට පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සදහා වැය කළ රුපියල් මිලියන 1300 ක් දක්වා වූ මුදල අද වන විට රුපියල් මිලියන 4800 දක්වා වැඩි වුනත් පිළිකා රෝගීන් ජීවත් වෙනවා. එදා පිළිකා රෝගීන් මියගියේ මුදල් නොමැති කමින්. නමුත් පිළිකා රෝගියා සිතන්නේ ඖෂධ නොමැතිකමින් මිය යනවා කියලා.රෝගියා මෙම සීමාවන් දන්නේ නැහැ. අපේ රජය මුදල් නොමැති බව ප්‍රකාශ කරන්නේ නැතිව අසරණ රෝගීන් වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිකාර කරනවා.”