FAST NEWS

24×7 Around the Globe

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් නාමල්ගෙන් රංජන්ට අභියෝගයක්…

පසුගිය දිනක නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළකළ අසත්‍ය ලිපිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ පැමිණිල්ලක් ගොනු කළ අයුරින්, හැකිනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නැයි නාමල් රාජපක්ෂ මහතා අභියෝග කරයි.
මෙම අභියෝගය කරන්නේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට සහ එක්සත් ජාතික පක්ෂය වෙතටයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“නිව්යෝක් ලිපිය පළවී පැය කිහිපයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයට හෝ රන්ජන් රාමනායක මහතාට කොන්දක් තිබෙනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලාපැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරනවා” යනුවෙන් කියා සිටියේය.