FAST NEWS

24×7 Around the Globe

සංගක්කාරගේ සමුගැනීම පිළිබඳව මහේලගෙන් විශේෂ ප්‍රකාශයක්.

ක්‍රිකට් දිවියට සමුදීමට සූදානම් වන කුමාර් සංගක්කාරට සිය ආචාරය පුද කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මාහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කරළියට එක්වීමෙන් පසු බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවා සංගක්කාර බව පවසයි.

ටෙස්ට් ලකුණු 12,000 සහ එක්දින ලඛුණු 14,000 ඉක්මවා ඇති කුමාර් සංගක්කාර බදාදා ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ මුල් තරග දෙකෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිත වේ.

පීටීඅයි පුවත් සේවය සමඟ එක්වෙමින් අරවින්ද ද සිල්වා බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුල ප්‍රියතම ක්‍රීඩකයෙකු වුවත් අංක පමණක් සැළකුවද සංගක්කාර ආශ්චර්යවත් ජයග්‍රාහකයෙක් බව පවසන මහේල ඔහු ලබාගත් 60කට අධික ජාත්‍යන්තර ශතක සංඛ්‍යාව ( ටෙස්ට් ශතක 38 සහ එකදින ශතක 25) ඇගයීමට ලක්කර තිබේ.

“සංගක්කාරගේ විශේෂත්වය වන්නේ ඕනෑම වාතාවරණයක් තුල හැම ආකාරයේම ප්‍රහාර හමුවේ ලකුණු රැස්කිරීමට ඔහු සතු හැකියාවයි” යැයි පවසන මහේල සංගක්කාර ඔහුගේම සීමා බිඳහෙලූ අතර මීළඟ පරම්පරාවේ ක්‍රීඩකයන් වෙනුවෙන් විශිෂ්ඨ ඉල්ලක ලබා දී ඇති බවද පවසා ඇත.

ඕනෑම ජාත්‍යන්තර ක්‍රීඩාකවක සෑම අතකින්ම විශිෂ්ඨත්වය ලඟාකරගත් ක්‍රීඩකයන් සිටින්නේ අතලොස්සක් පමණක් බවත් සංගක්කාර එවැනි ක්‍රීඩයෙක් බවත් ඔහු ඒ බව ඔහුගේ පිටියේ මෙන්ම පිටියෙන් බාහිර ක්‍රියාකලාපයෙන්ද පෙන්වා දී ඇති බවත් මහේල පවසා ඇත.

ඔහුගේ සමුගැනීමෙන් පසු ඇති වන හිඩැස පිරවීමට යම් කාලයක් ගත වනු ඇති බවද ඔහු තවදුරටත් පවසා තිබේ.