හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය සහ මැතිවරණයට තරග කිරීමත් සමග ඇය පිළිබඳව පසුගිය දා යළිත් කතාබහට ලක් වුණා.
මේ අතර පෙරටුගාමී පක්ෂය හිරුණිකා සම්බන්ධයෙන් x කණ්ඩායමේ සාමාජිකයකු වූ දීප්ති කුමාර ගුණරත්න සමග සාකච්ඡාවක් කර මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එහිදී දීප්ති කුමාර ගුණරත්න හිරුණිකාට ආදරය කිරීම ගැන අදහස් දක්වමින් තම ආශාව අතෘප්තිමත් කරනවාට කැමැති පිරිමින් නැතහොත් ග්‍රස්තික නියුරෝසිය ගති පැවතුම් ඇති පිරිමින් ඇයට ආදරය කරන බව පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි පිරිමි විශාල ප්‍රමාණයක් සිටින නිසා අනිවාර්යයෙන්ම ඇය ජයගන්නා බවද දීප්ති කුමාර එහිදී පෙන්වා දෙනවා.








