‘අළුබඳුන’ සටනේදී ඕස්ටේ‍්‍රලියානු ව්‍යවසනයේ පළමු තුවාලකාරයා සොයා ගත හැකිවිය. හේ අන් කිසිවකු හෝ නොව මීට දින හතරකට පෙර තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නේ නැති බව පුන පුනා කී ඔස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ය.
ඒ අදහස අතහැර දැමූ මයිකල් ක්ලාක් ටෙස්ට් කී‍්‍රඩාවෙන් සමුගන්නා බව ඊයේ (8 වැනිදා) නිවේදනය කළේය. එබැවින් අළුබඳුන තරගමාලාවෙන් පසුව පෙරළා සිය රට ගියාට පසුව ඔස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ නව නායකයා පත්වීමට නියමිතය. ආරංචියේ හැටියට එම තනතුර ඔහුගේ උපනායකයා ලෙස කටයුතු කරන ස්ටීවන් ස්මිත්ට ලැබෙනු ඇත.
ක්ලාක් සිය හංස ගීතය ගැන කීවේ ටේරන්ට්බි්‍රජ් හී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ තරගය ආරම්භ කිරීමටත් පෙරය. තරගයේ ජයග‍්‍රහණය මෙන්ම තරගමාලාවේ ජයග‍්‍රහණයත් එංගලන්තට හිමිවීමට ඔන්න මෙන්න ය.
34 හැවිරිදි ක්ලාක් සිය වසර 11 ක ටෙස්ට් කි‍්‍රකට් ජීවිතයෙන් හා ඉන් අඩක් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමෙන් දැඩි තෙහෙට්ටුවකට පත්වී සිටින සෙයකි. සිකුරාදා ඔහුගේ දැවීයාමෙන් පසුව මෙවර අළුබඳුන තරගමාලාවේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය දිස්වූයේ 16.71 ක් ලෙසිනි.
මේ දක්වා ටෙස්ට් තරග 114 කට කී‍්‍රඩා කර ඇති ක්ලාක් වසර 2013 නොවැම්බර් මාසයේ ඇඩිලේඞ් නුවර පැවැති අළුබඳුන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමෙන් පසුව මේ දක්වා ලකුණු 50 සීමාව ඉක්මවා ගියේ දෙවතාවක් පමණි.
එසේ දීර්ඝ කාලයක් පුරා ලකුණු අහේනියකට ගොදුරුවී සිටින ඔස්ටේ‍්‍රලියානු නායකයාට කී‍්‍රඩාවෙන් සමුගැනීමට සිදුවී ඇත්තේ සිය කැමැත්තෙන් නොවන බව ‘ද ඔස්ටේ‍්‍රලියන් ‘ පුවත්පත සඳහන් කොට තිබිණි.
එම පුවත්පතට අනුව ක්ලාක් මේ තීරණය ගෙන ඇත්තේ ඕවල් පිටියේ පැවැත්වෙන අළුබඳුන කුසලාන අවසන් ටෙස්ට් තරගයෙන් පසුව ඔහුට කණ්ඩායමේ ඉඩක් නැති බවට ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන් දැන්වූවාට පසුවය.
කෙසේ වෙතත් ක්ලාක් අළුබඳුන කුසලාන අවසන් ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට සූදානමින් සිටී.
මීට මාස 4 කට පෙර ලෝක කුසලානය ඔස්ටේ‍්‍රලියාවට අත්කරදෙමින් එක්දින පිටියෙන් සමුගත් ක්ලාක් ඕවල් ටෙස්ට් තරගයෙන් පසුව කී‍්‍රඩාවේ සියලූ මුහුණුවර යටතේ පැවැත්වෙන තරගවලට සහභාගි වන්නේ නැත. එහෙත් මේ දකුණත් පිතිකරුවා තවදුරටත් බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇත.






