FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සමග පළමු තරගයට සංචිතය නම් කරයි.

ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් සහ උප නායක ලහිරු තිරිමාන්නගෙන් යුත්  ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරඟය ලබන 12 වන දා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ කෞෂාල් පෙරේරා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, කුසල් ජනිත් සහ ජෙහාන් මුබාරක් පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වන බවයි.
රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, තරිඳු කෞශාල්, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද් සහ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් කර තිබේ.
මේ අතර, සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්දින තරඟයේ අවසන් දිනය අදයි.