ලංකාවේ සමස්ථ ජනතාවගෙන් බහුතරය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ මීළඟ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළයුතු බව විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසනවා. ඔවුන් මේ බව පවසන්නේ මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වූ සමීක්ෂණයකින් ලබාගත් තොරතුරු ඇසුරෙන්.
බස්නාහිර, මධ්‍යම, උතුර,නැගෙනහි,ඌව හා සබරගමුව යන පළාත් වල බහුතර ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බවත් උතුරු මැද හා දකුණු පළාත් වල බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බවත් එම සමීක්ෂණයෙන් කියැවෙනවා.
එමෙන්ම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් 66.9% ක් මහමැතිවරණය සාධාරණව පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන අතර එසේ නොවනු ඇතැයි විශ්වාස කරන්නේ 4%ක් පමණයි.
සමීක්ෂණයෙන් හෙළිවූ තවත් තොරතුරු කිහිපයක් පහත පරිදි පෙළ ගැස්විය හැකියි.
සමීක්ෂණයට සහභාගී වූ පිරිස අතරින්,
58.1% ක් තමන් ඡන්දය භාවිතා කරන්නේ කා වෙනුවෙන්ද යන්න දැනටමත් තීරණය කර ඇත.
47.9% ක් මැතිවරණ අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර තිබීම අතිශය වැදගත් බව විශ්වාස කරයි
59% ක් තමන් ඡන්දය භාවිතා කරන්නේ කා වෙනුවෙන්ද යන්න තීරණය කිරීම සඳහා ජනමාධ්‍ය වෙතින් ලබා ගන්නා තොරතුරු ඉතාම වැදගත් වන බව පවසයි.
81.5 % ක් මැතිවරණ සාමය තුල ඒ පිලිබඳ තොරතුරු ලබාගන්නා ප්‍රධානම මාධ්‍යය වන්නේ රූපවාහිනිය බව පවසයි.
තවද,
40% ක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහමැතිවරණය සඳහා තරඟ කළ යුතු බව විශ්වාස කරන අතර 42% ක ප්‍රතිශතයක් රාජපක්ෂ මහතා මහමැතිවරණය වෙනුවෙන් තරඟ නොකළ යුතුව තිබුණායැයි පවසයි.
මීළඟ පාර්ලිමේන්තුව තුල විවාදයට ලක්විය යුතු මූලික ගැටළු ලෙස බහුතරය විසින් දක්වා ඇත්තේ රැකියා වියුක්තියට හා ජීවන වියදම ඉහල යාම යන කරුණු ය.









