FAST NEWS

24×7 Around the Globe

අභයගිරි සිතුවමට මහින්ද- දීමු කපා මෛත්‍රී – රනිල් ආපු හැටි…(ඡායරූප)

abayagiri-1

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට ඇති බව පසුගියදා වාර්තා වුණා.
එහිදී කියැවුණේ ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය පළමුවරට වැඳපුදා ගනීමට ජනපති සහ අගමැති ප්‍රමුඛ බැතිමතුන් විසින් ගමන් ගන්නා අයුරු ඉන් පිළිබිඹු වන බවයි.

abayagiri-2

එමෙන්ම 2011 වසරේ ගත් එම ඡායාරූපයේ දැක්වෙන සිතුවමේ දිනය ‘ක්‍රි.ව. 201 ‘ ලෙස හිස්තැනක් සහිතව දැක්වෙන අතර වර්තමාන සිතුවමේ දිනය ‘ක්‍රි.ව. 2015 ‘ ලෙස ලියා අවසන් කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ කරන විට මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි අතර ඔහු ප්‍රතිසංස්කරණය අවසන් වනවිට බලයේ නොසිටීම නිසා චිත්‍රය වෙනස් කළා ද යන්න දැන් කතාබහට ලක්ව තිබෙනවා.