FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් වාර්තා පොත් අතරට.

ටෙස්ට් කඩුලූ 300ක් දවාගත් පස්වැනි එංගලන්ත පන්දු යවන්නා ලෙස ස්ටුවර්ට් බ්‍රෝඩ් වාර්තා පොත් අතරට එක් වුණා. ඒ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිවුවැනි තරගයේදී ඔහු ලකුණු 15කට කඩුලූ 8ක් දවා ගැනීමත් සමගින්.

ස්ටුවර්ඞ් බ්‍රෝඩ්ගේ මෙම සුපිරි පන්දු යැවීමෙ හමුවේ ඔස්ටේ‍්‍රලියානු පළමු ඉනිම ලකුණු 60කට සීමා වූණා. ටෙස්ට් ඉතිහාසයේ ඔස්ටේ‍්‍රලියාව රැස් කළ 7 වන අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ මුල් කඩුලූ 5 පන්දු 25 ක් තුළදී දැවී ගියා. එය ටෙස්ට් කි‍්‍රකට් වාර්තා අතරට එක් වූයේ ඉනිමක පළමු කඩුලූ 5 අඩුම පන්දු සංඛ්‍යාවක් තුළ දැවී ගිය ප‍්‍රථම අවස්ථාව ලෙසයි.

ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ ලකුණු 10 සීමාව කිරීමට හැකි වූයේ නායක මයිකල් ක්ලාක්ට සහ මිචෙල් ජොන්සන්ට පමණයි. දෙවැනි ඉනිම කී‍්‍රඩා කරන එංගලන්ත කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුලූ 4ක් දැවී ලකුණු 274ක් රැස් කර සිටියා. එංගලන්තයේ නොටින්හැම් හිදි පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.