හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ දුම්රියක දෙවන පන්තියේ මැදිරියක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ දුම්රිය මැදිරි පවිත්ර කරන සේවකයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.
ඊයේ පස්වරු 7ට පමණ කොළඹ සිට පැමිණි කාර්යාල දුම්රිය හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබෙනවා.
පසුව අදාළ සේවකයා දුම්රිය මැදිරි පිරිසිදු කිරීම ආරම්භ කර ඇති බවයි සදහන් වන්නේ .
එහිදී දෙවන පන්තියේ මැදිරියක ආසනයක් මත තිබූ කුඩා පාර්සලයක් නිරීක්ෂණය කර ඇති ඔහු එය පරීක්ෂා කර තිබෙනවා. එම අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදි අනාවරණ වුණේ.
මේ සම්බන්ධයෙන් පැවසුවේ ඩප්පි නමින් හඳුන්වන ඉතා කුඩා ප්රමාණයේ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.








