FAST NEWS

24×7 Around the Globe

මිරිහනේ සුදු වෑන් එක ආවේ කවුරු පැහැර ගන්නද? මර්වින් හෙළි කරයි.

පසුගිය 21 වන දා පිස්තෝලකරුවන්ද සමඟින් මිරිහනේදී අත්අඩංගුවට පත් සුදු වෑන් රථය එවා ඇත්තේ තමන්ව පැහැර ගෙන යාමට බව හිටපු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

මිරිහානේ පිහිටි සිය නිවසට අවස්ථා කිහිපයකදී හමුදා පෙනුමැති පුද්ගලයෙකු පිස්තෝලයක්ද සහිතව පැමිණ විමසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇති බවත් ඔහු කියා සිටී.

මේ ආකාරයෙන් තමන්ගේ පලි ගැනීම සඳහා කටයුතු කරනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවද ඔහු කියා සිටි.