පසුගිය කාල සීමාවේදී විවිධ දියණිවරුන් සිය පියවරුන් වෙනුවෙන් කරළියට පැමිණියා. දැන් ඒ වගේ අලුතෙන්ම කරළියට පැමිණි දියණිය වන්නේ හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම ගේ දියණිය යි.
ඒ අනුව රෝහිත බෝගොල්ලාගම මහතා ගේ දියණිය වන දිල්ෂාණී බෝගොල්ලාගම ගේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
එහිදී ඇය ප්‍රකාශ කර සිටින්නේ 2008 දී නිව්යෝක්හි පැවැත් වූ ඇයගේ උපන්දින උත්සවයේ උපන්දින කේක් එක සඳහා ඇමරිකන් ඩොලර් 30,000 ක මුදලක් වොෂින්ටන්වල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එයට මුදල් ගෙවූවේ යැයි යන චෝදනාව අසත්‍ය බවයි.
නව තාක්ෂණය අනුව බොහෝ අසත්‍ය තොරතුරු සත්‍ය බවට ඒත්තු ගන්වමින් ජනතාවට සමාජයට බෙදා දීමේ හැකියාව නිසා මෙවැනි අසත්‍ය දේවල් සත්‍ය බව පෙන්වීම සිදු කෙරෙන බවයි ඇය වැඩි දුරටත් පවසන්නේ.
තම පියාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගනිමින් ඇය මෙම වීඩියෝව සමාජ ජාල වෙබ් අඩවි වෙත නිකුත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ඇතැම් ෆේස්බුක් මිතුරන් අදහස් පළ කරමින් පෙන්වා දෙනවා.




Video Link : https://goo.gl/5o7bHQ








