FAST NEWS

24×7 Around the Globe

තහනමක් නැතුවම දැන් බ්ලු බලන්න පුළුවන්ලු.

ඉන්දියාවේ අසැබි වෙබ් අඩවි තහනම ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වෙබ් අඩවි තහනම් කිරීමට එරෙහිව නැගුණු ජනතා විරෝධය හමුවේ එම තීරණය ගෙන ඇති පැවසේ.

දරුවන් යොදාගෙන නිර්මාණය කළ අසභ්‍ය වීඩියෝ පට ඇතුළත් වෙබ් අඩවි 857ක් තහනම් කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබිණි.

එම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතාව පෙන්වා දෙන්නේ අපචාර ක්‍රියා වැළැක්වීමට කටයුතු නොකර වෙබ් අඩවි තහනම් කිරීමෙන් පලක් නොවන බවයි.

මේ අතර අන්තර්ජාලය හරහා සිදුවන අපචාරයන් වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස එරට තොරතුරු සහ තාක්‍ෂණය පිළිබඳ අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් මහතා අන්තර්ජාල පාලක බලධාරීන්ට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් තවමත් ඉන්දියාවේ අසබි වෙබ් අඩවි 857ක් තහනම් කර තිබෙන බව වාර්තා වේ.