ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ එක් අතක කොටා ඇති මෙම පච්චය ඔබ දැක තිබෙනවාද?.
සන්සා ආර්යා යනුවෙන් එම පච්චයේ කොටා තිබෙනවා. ඒ මහේල ජයවර්ධනගේ ආදරණීය දියණියගේ නමයි. දියණියගේ නම Sansa Araya Jayawardene ය. බිරිඳ Christina Mallika Sirisena වෙයි.
කෙසේවෙතත් සන්සා ආර්යා යන නම ලෝකය පුරා ජනප්රිය නාමයකි. ඒ ලෝකය පුරා ලොකු පොඩි සැමගේ ජනප්රිය කතා මාලාවක් වන ගේම් ඔෆ් ත්රෝන්ස් (Game of Thrones) හි ස්ටාක් රාජ වංශයේ Sansa Stark සහ Arya Stark යන සහෝදරියන් දෙදෙනාගේ නම් නිසායි.
මේ වන විටත් එම තකා මාලාවේ 6 වැනි කතා මාලාව නිෂ්පාදනය වන තෙක් එහි රසිකයින් ලොව පුරා අපේක්ෂාවෙන් බලා සිටියි.
දැනගන්නට ලැබෙන තොරතුරුවල හැටියට මහේලගේ බිරිඳ Game of Thrones කතා මාලාවට බොහෝ සෙයින් ඇලුම් කරන්නියකි. රෝහලේදී ඇයට දරුවා ලැබී ඈ සමීපයට ලැබෙන විට ඇය මෙම කතාව නරඹමින් හිඳ තිබෙනවා. ඒ නිසාවෙන් එකවරම ඇගේ මුවින් පිට වී ඇත්තේ මෙම නම් දෙකේ එකතුවෙන් සැදුම්ලත් සන්සා ආර්යා නම් නම බවයි දැන ගන්නට ලැබුණේ.











