නව දේශයක් ගොඩ නැගීමට ලැබුණු අගනා අවස්ථාව විනාශ කර දැමීමට එළැඹෙන මැතිවරණය ඔස්සේ ප්‍රයත්න දරණ බලවේග පරාජය කළයුතු බව හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ, පක්ෂය ආරක්ෂා කිරීම සඳහා පළමුව රට හැදිය යුතු බැවින්, ජනවාරි 08 වන දා ජයග්‍රහණය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් බව ය.
ඒ අනුව, ජනවාරි 08 වන දා රටේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කැපවුණු සියලු බලවේග සමග ඒකරාශී වෙමින් සෑම පාර්ශවයකම සහභාගීත්වය ඇති භේද පසෙකලා දිනා ගත් නිදහස ආරක්ෂා කිරීමට හැකියාව මෙන්ම කැපවීම ඇති බලවේගය සහ නායකත්වය සමග එක්වන ලෙස ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාක්ෂිකයින්ට ආයාචනය කර තිබේ.
බල උමතුවෙන් සහ සාවද්‍ය මිත්‍යාවන් වපුරමින් සමාජය ත්‍රස්ත කරන විසකුරු බලවේග පරාජය කිරීම රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය බව හිටපු ජනාධිපතිනියගේ අදහසයි.
යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් මැතිවරණයේදී සියලු පුරවැසියන්ගේ ඡන්දය ජනවාරි 08 වන දා ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා හැකි ශිෂ්ඨ සම්පන්න මහජන නියෝජිතයන්ට පමණක් ලබා දී පාර්ලිමේන්තුව ගෞරවනීය ජනතා අභිලාෂයන් ඉටු කරන ආයතනයක් ලෙස ගොඩනැගීමට කල්පනාකාරී ලෙස කටයුතු කරන ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම නිවේදනයෙන් ඉල්ලා සිටී.








