ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හිදී සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.
එරට වාර්තා අනාවරණය කළේ 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
දුම්රිය දෙක ගංවතුරට හසුවීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර පුද්ගලයින් 300ක් පමණ මේ වන විට බේරාගෙන ඇතැයි ද සදහන්.
පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමග පාලමට හානි සිදුව තිබීම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කරයි.
පීලි පැන ඇත්තේ මුම්බායි සහ වාරණාසි අතර ධාවනය වන කමයානි ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 10ක් හා ජාබල්පූර් සහ මුම්බායි අතර ධාවනය වන ජනතා ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 5කි.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, මේ දුම්රිය අනතුරත් සම








