FAST NEWS

24×7 Around the Globe

ද.අප්‍රිකා ශ්‍රී ලංකා නැගී එන : දෙවන සිව්දින තරගයට සංචිතය නම් කරයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි සිවුදින තරගය අගෝස්තු 6 සිට 9වෙනිදා දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
එම තරගය සඳහා ජාතික තේරීම් කමිටුව විසින් සඳුදා (03) පැවති රැස්වීමේ දී, පහත දැක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මේ සඳහා සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය:

කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, මිනෝද් භානුක, ලහිරු මිලන්ත, රොමේෂ් බුද්ධික (නායක), ඇන්ජලෝ ජයසිංහ, දෙනුවන් රාජකරුණා, ලහිරු මධුශංක, බිනුර ප්‍රනාන්දු, අමිල අපෝන්සු, කසුන් මධුශංක, ලක්ෂාන් සඳකැන්, ලසිත් අබේරත්න, ඕෂධ ප්‍රනාන්දු සහ කෞෂාල් ගජසිංහ

දෙරට අතර පසුගියදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු සිවුදින තරගයෙන් දිනයක් ඉතිරිව තිබියදී කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු නැගී එන පිල සමත් විය.