FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේ වසර 122ක ඉතිහාසය ලාංකිකයෙකු හයේ පහරින් වෙනස් කරයි.

පළමු පෙළ ක්‍රිකට් තරගවලදී ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු ලෙස හැඳින්වෙන 34 හැවිරිදි ශ්‍රී ලංකාවේ ජනක ගුණරත්න පන්දු 6 කදී 6 පහර 6ක් රැස්කරගෙන නව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ එංගලන්තයේ ක්‍රියාත්මක වන රිබ්ල්ස්ඩේල් ලීග් ක්‍රිකට් තරගාවලියේදීය.

වසර 122 ක් පැරණි මෙම තරගාවලියේ මෙවැනි දස්කමක් දැක් වූ පළමු ක්‍රීඩකයා බවට ජනක ගුණරත්න පත්ව තිබේ. ජනක මෙම දස්කම සිදුකළේ ඉයන් බ්‍රිට්ක්ලිෆ් නම් පන්දු යවන්නාට එරෙහිවයි.

මෙතෙක් මෙම තරගාවලියේ පැවැති තරග අතුරෙන් වැඩිම කඩුලු (61) ලබා ඇත්තේද ජනකය. එමෙන්ම ඔහු පන්දුවට පහරදීමෙන් ලකුණු 841 ක් රැස්කරගෙන ඇත්තේ වැඩිම ලකුණු ලැබූ පිතිකරණ ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දිනා ගනිමිනි.