FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් එළවීමට යයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳ මැතිවරණයෙන් පසුව පවත්වනපළමු මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්තමහතා පැවැසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයාද වන පේ‍්‍රම්ජයන්ත මහතා එසේ පැවැසුවේ එම පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා විමසා සිටියේ එජාපයෙන් මැතිවරණයට මුහුණ දෙන ශ‍්‍රී ලනිප සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙළේ නම් ඔවුන්ට සහයෝගය දක්වන ශ‍්‍රී ලනිප අනුශාසිකාවගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳ ගන්නා තීරණය කුමක්ද යන්නයි. එම පැනයට පිළිතුරු දෙමින් පේ‍්‍රම්ජයන්ත මහතා එසේ පැවැසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිටියදී එජාපයෙන් මැතිවරණයට තරග කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ එස්.බී. නාවින්න යන අයගේ පක්ෂ සාමාජිකත්වය ශ‍්‍රී ලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් තහනම් කරන ලදී.