FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් තරගාවලියට ඇති හේරත්ගේ වටිනාකම ඉන්දීය සඟරාවක් පෙන්වයි.

ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිළට වැඩි වාසියක් අත් කර ගැනීමට නම්, දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගෙන් විශාල මෙහෙයක් ඉටු විය යුතු බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.

ඉන්දීය ක්‍රිකට් සඟරාවක් ඉදිරිපත් කළ විචාරයක දැක්වෙන්නේ පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී ඔහු දස්කම් දැක්වීමට අපොහොසත්වීම අනපේක්ෂිත කරුණක් බවයි.

කෙසේ නමුත්, ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව රංගන හේරත් මීට පෙර දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෙකු ලෙසත් එමගින් හඳුන්වනු ලැබුවා.

තරඟ තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය පිළ ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.