අසභ්‍ය වෙබ් අඩවි 857කට අධික ප්‍රමාණයක් සඳහා ප්‍රවේශ වීම ඉන්දියානු රජය විසින් තහනම් කොට තිබේ. ළමයින් එම වෙබ් අඩවි වලට පිවිසීම වැළැක්වීම මෙන්ම බාල වයස්කාර දැරියන්ගේ ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි තහනම් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
ඉන්දියාවේ අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර්මාන්තයක් වශයෙන් ජනප්‍රිය අතර ඉන්දියානු අසභ්‍ය චිත්‍රපට සඳහා ලෝක වෙළඳපොලේ ඉහල ඉල්ලුමක්ද තිබේ. අන්තර් ජාල සමීක්ෂණ වාර්තාවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව හැරුණු කොට අසභ්‍ය වෙබ් අඩවි වලට වැඩි වශයෙන්ම පිවිසෙන්නේ ඉන්දියානුවන් බවද හෙළිවී තිබේ.
ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ පවත්වාගෙන යන අසභ්‍ය වෙබ් අඩවි, බ්ලොග් අඩවි, මෙන්ම Dating වෙබ් අඩවි 857 ක් තහනම් කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දී තිබේ. ඉන්දියාවේ අසභ්‍ය වෙබ් අඩවි තහනම සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවූ අදහස් බලන්න පහතින්.










