FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සමඟ සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය තිරිමාන්නට – සංචිතය නම් කරති.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අද (04දා) ප්‍රකාශයට පත්කළේය.

පහළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට ළහිරු තිරිමාන්න පත්කර ඇති අතර, කුසල් ජනිත් පෙරේරාට එහි කඩුලු රැකීමේ වගකීම පවරා ඇත. තෙදින පුහුණු තරගය අනිද්දා (06) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම

1.ධනංජය ද සිල්වා, 2. කෞෂාල් සිල්වා, 3. ළහිරු තිරිමාන්න (නායක), 4. උපුල් තරංග, 5. මිලින්ද සිරිවර්ධන, 6. කුසල් ජනිත් (කඩුලු රකින්නා), 7. ශෙහාන් ජයසූරිය, 8. නිසල තාරක, 9. කසුන් රජිත, 10. විශ්ව ප්‍රනාන්දු, 11. ජෙෆ්රි වැන්ඩසේ, 12. ළහිරු ගමගේ, 13. ධනුෂ්ක ගුණතිලක, 14. සචිත් පතිරණ, 15. නිරෝෂන් දික්වැල්ල