FAST NEWS

24×7 Around the Globe

ගෑස්‌ මිල,විදුලි ගාස්‌තු ඉදිරි සතියේ පහලට?

ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක සහ විදුලි ගාස්‌තු නැවත වරක්‌ පහත හෙළීමට රජයේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත. විදුලි ගාස්‌තු අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.

මෙම මිල අඩු කිරීම සම්බන්ධව අවසන් තීරණය ගැනීම සඳහා මුදල් ඇමැති රවි කරුණානායක සහ විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙම සතියේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.

විදුලි ගාස්‌තු අඩු කිරීමේදී ඒකක 90 ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට ප‍්‍රමුඛතාව ලබාදීම කෙරෙහිද අවධානය යොමුකර ඇත. ඊට වඩා වැඩි ඒකක ගණනක්‌ භාවිත කරන පාරිභෝගිකයන්ට ද සහනයක්‌ ලබාදීමටත් විදුලි බිලට එක්‌කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්‌තුව ඉවත් කිරීමටත් අවධානය යොමුකර ඇත. මේ සියලූ‍ කරුණු අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා කීය.