FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ පළමුපෙළ ගැන සංගා “ද ක‍්‍රිකට් මන්ත්ලි” වෙත අදහස් දක්වයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් පාසල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ‍්‍රී ලංකාවෙන් බිහිවු සුපිරි ක‍්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට පළමු පෙළ ක‍්‍රිකට් තරග ව්‍යුහය වැඩිදියුණු කළ යුතු බවයි. හොඳම ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් බිහිකර ගත හැකි හොඳම ස්ථානය පළමු පෙළ තරග බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළකර ඇත්තේ ‘‘ද ක‍්‍රිකට් මන්ත්ලි’’ සඟරාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්.

නවක ක‍්‍රීඩකයින් ජාතික තලයට ගෙන ඒම සඳහා මිට වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද සංගක්කාර පෙන්වා දී තිබෙනවා. වෙනත් රටවල නම් දක්‍ෂතා දක්වන නවකයින්ට වයස අවුරුදු 23, 24 වන විට ජාතික කණ්ඩායමට පැමිණීමට හැකිවනවා. එහෙත් ශ‍්‍රී ලංකාවේදී දක්‍ෂයෙකුට ජාතික කණ්ඩායමට පිවිසීමට වයස අවුරුදු 29, 30 පමණ වන තුරු සිටීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාසල් සහ පළමු පෙළ ක‍්‍රිකට් ක්ෂේත‍්‍ර වැඩි දියුණු කිරීමෙන් ඊට පිළිතුරක් සොයාගත හැකි බවද සංගක්කාර වැඩිදුරටත් කියා සිිටියා.