FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ පිළ විශීෂ්ඨ ලෙස නවසීලන්තය අභිබවයි.

සංචාරක නවසිලන්ත කණ්ඩායම සමග ඊයේ (02) පැවති එක්දින කි‍්‍රකට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. මේ අනුව තරග 3 කින් යුත් තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේද සිම්බාබ්වේ කණ්ඩායමයි.

හරාරේ නුවර, හරාරේ කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුලු 4 ක් දැවී ලකුණු 303 යි. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49 කදී කඩුලු 3 ක් පමණක් දැවී අදාළ ලකුණු සංඛ්‍යාව පසුකර ගියා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පන්දු 108 දී නොදැවී ලකුණු 130 ක් ලබාගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා වූ ක්‍රෙග් අර්වින්. නවසීලන්ත කණ්ඩායමේ රෝස් ටේලර්ද නොදැවී ලකුණු 112 ක් ලබා ගනිමින් මෙම තරගයේදී දක්‍ෂතා දැක්වුවා.