රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මරාදමා ඇත්තේ දස වද දී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.
තජුඩීන් මරා දමා ඇත්තේ දත් කඩා, ඉලඇට බිඳ පාදයේ කලවා පෙදෙසේ අස්ථියක්ද බිඳ උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති බව පැවසේ.
රිය අනතුරකින් මියගිය බවට පොලිසිය වසර තුනකට පෙර තීරණය කළ මේ අනතුර ඝාතනයක් බවට රහ්ස් පොලිසිය සැකකරණ කාරණා කිහිපයක් තිබේ.
ඒ අතරින් ප්‍රබලම සැකය මතුව ඇත්තේ රිය අනතුරකින් මිය ගිය තජුඩීන්ගේ මුදල් පසුම්බිය ඔහු ගමන්ගත් මෝටර් රථයේ නොතිබීමය.
එම මුදල් පසුම්බිය හමුව ඇත්තේ කිරුළපන ප්‍රදෙශයේදී බව පැවසේ.
තජුඩීන් අදාල අනතුරට පත්ව ඇති බව පැවසෙන්නේ සාදයකට යමින් සිටියදීය.
ඔහු එසේ ගොස් ඇත්තේ නාරාහෙන්පිට ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට වන අතර අනතුර සිදුව තිබුණේද ඒ ආසන්නයේම පාළු ස්ථානයකය.
රථය ගිනි ගැනීමට තරම් අනතුර බරපතල වූයේ නම් එම රථය ගැටුණු බව කියන තාප්පයට අලාභ හානි නොවුණේ කෙසේද ?, එම අනතුරේ ශබ්දයක් අසල්වැසියන්ට නොඇසුනේ කෙසේද ? අනතුර සිදුවීමෙන් පසුව රථය ගිනිගත්තේ නම් තජුඩීන් ඉන් බේරීමට උත්සාහ නොකළේ මන්ද යන්න පිළිබඳ සැකයන් මේවන විට රහස් පොලිසිය මතුකර තිබේ.
අදාල අනතුරෙන් පසුව තජුඩීන්ගේ සිරුර එළියට ගෙනතිබේ අගුරු ගොඩක් ලෙසය.








