FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී දේවිගේ අවසන් රංගනය ‘ZERO’

බොලිවුඩ් සිනමාවේ රිදී තරුවක් වූ සුපිරි නිළි ශ්‍රී දේවිගේ හදිසි අභාවය ඇයට ආදරය කළ රසිකයන් හට මහත් කම්පාවක් දනවන සිදුවීමක් විය. ඇය අවසන් වරට රංගනයෙන් දායකත්වය ලබාදුන් ‘සීරෝ’ නමැති තව එක් චිත්‍රපටයක් තිරගත වීමට ඉතිරිව තිබෙන අතර එහි සුපිරි නළු ෂාරුක් ඛාන් සහ කත්‍රිනා කයිෆ් ද ඇයත් සමග රංගනයේ යෙදෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
1997 වසරේ සිට ශ්‍රීදේවි ටික කලකට සිනමාවෙන් සමුගත් අතර වසර 15 ක විරාමයකින් පසු ඇය නැවත සිනමාවට පැමිණියේ 2012 වසරේ තිරගත වූ ‘ඉංග්ලිෂ් වින්ග්ලිෂ්’ චිත්‍රපටයෙනි.
ශ්‍රීදේවි අවසන් වරට ප්‍රේක්ෂකයන් හමුවට ආ චිත්‍රපටය වූයේ පසුගිය වසරේ ප්‍රදර්ශනය කෙරුණු ‘මාම්’‍ සිනමාපටයයි.