පාකිස්තාන ඉනිමේ නම වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි අන්වර් අලි පන්දු 17කදි ලබාගත් ලකුණු 46 හරහා ඔපවත් වුණු පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවින එක්දින තරගයෙන්ද එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීය.
ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම ඉනිම නිමාවීම සඳහා පන්දු හතරක් තිබියදී තරගය ජයග්‍රහණය කළේය.
ඒ අනුව ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම මව්බිමේදීම පරාජය කරමින් තරගාවලි ජයක් විස්සයි20 තරගාවලි ජයක් ලබාගැනිමට පාකිස්තාන කණඩායම සමත්වූයේ තරග 2-0ක් ලෙසින් විස්සයි20 තරගාවලිය ජයගනිමිනි.
ඒ අනුව ටෙසට්, එක්දින හා විස්සයි20 යන තරගාවලි සියල්ලේම ජය පාකිස්තානයට හිමිවිය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය හා දසුන් ශානක විස්සයි20 වරම් හිමීකරගත්හ.








