FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් පොලිස් නිළධාරිනියකට ලිංගික හිරිහැර..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් පොලිස් නිළධාරිණියකට ලිංගික අතවර කිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ නියෝගයක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම නිළධාරියාගේ හිරිහැර වලට ලක්ව ඇත්තේ එම කාර්යාලයේ ලඝු ලේඛිකාවක් ලෙස සේවයේ නියුතු කාන්තා පොලස් කොස්තාපල්වරියෙකි.
ඇය විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර සැකකාර පොලිස් නිළධාරියාට එරෙහිව තවත් නිළධාරීන්ට බැණ තර්ජනය කිරීම ඇතුළු අනිකුත් චෝදනා සියල්ල සම්බන්ධව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වාගේ අධීක්ෂණයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.