FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහි ඕනෑම දෝෂාභියෝගයකට ඒකාබද්ධයෙන් සහය

අගමැතිවරයාට එරෙහිව ඕනම අයෙක් විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවකට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය හිමිවන බව එහි කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ පමණක් නොව වත්මන් යහපාලන ආණ්ඩුව ද අනිවාර්යෙන්ම ගෙදර යැවිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂය ඕනෑම අවස්ථාවක ‍අත් දෙකම ඔසවා ඒ සදහා සහයෝගය පළ කරන බවත් අවධාරණය කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් විස්න් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.