FAST NEWS

24×7 Around the Globe

අගමැති සාගලගේ නීතිය හා සාමය ගත් හේතුව සන්ධාන මන්ත්‍රී කියයි..

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය අමාත්‍යාංශය අගමැතිවරයා විසින් ඔහුගේ භාරයට ගනු ලැබුවේ බැඳුම්කර වංචාවේ චූදිතයන් 2ක් බන්ධනාගාරගත කිරීම නිසා බවට මේ වන විට සැකයක්‌ මතුවී තිබෙන බව දකුණු පළාත් සභා එක්‌සත් ජාතික නිදහස්‌ සන්ධාන හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සිංහ සමන් කුමාර මහතා ඊයේ (25 වැනිදා) පැවසුවේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“පෙබරවාරි 25 කියන්නේ අපේ රටේ නීතිය මරලා වළදාපු දිනය. අදින් පසු නීතිය ගැන අහන්න දෙයක්‌ නෑ. බටලන්දේ කරපු විදියට මින් ඉදිරියට නීතිය නැමෙයි යස අපූරුවට. මේ අගමැතිට පක්‍ෂ නායකයා විදිහටත් චෝදනා තියෙනවා. ලංකා ඉතිහාසයේ මහා හොරකම මහ බැංකු බැඳුම්කර හොරකමෙත් ප්‍රධානම චූදිතයා අගමැතිවරයා. වෙන රටවල අගමැතිවරු ඉල්ලා අස්‌වෙනවා. එදා මහ බැංකු අධිපතිකම දෙන වෙලාවේ ඒ වගකීම තමන් භාර ගන්නවා කිව්වා. කෝ භාර ගත්තද? අර්ජුන් ගේම් එක නියමෙට දෙනකම් ඉඳලා රට පනින්නත් උදව් කළා. දැන් ඉතුරු කීප දෙනත් රට පන්නවා ගන්න පුළුවන්”.