FAST NEWS

24×7 Around the Globe

“ජනපති අගමැතිව රැක්කා” – ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් දැඩි තීරණයක්…

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගතහොත් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තමන් ඇතුළු තවත් 15 දෙනෙකු මාර්තු 01 වැනිදා අවසන් තීරණයක් ගන්නා බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රූපවාහිනි සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ රැක ගැනීමට ජනාධිපතිවරයාට තිබූ උවමනාව නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම ජනාධිපතිවරයා විසින් නැවැත්වූ බවත් හෙතෙම සදහන් කළේය.
එමෙන්ම තමන් ඇතුළු පිරිස කල උදව්වට ගෙවපු ණය හොදටම ඇති යයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.