FAST NEWS

24×7 Around the Globe

පක්ෂයටත් කැබිනට් සංශෝධනයටත් රවී දෙහි කැපූ හැටි මෙන්න…

 

ඊයේ (25) ආණ්ඩුව විසින් සිදුකළ කැබිනට් සංශෝධනය ‘පයබරවාට පිටිකර බෙහෙත් බැදීමක් වැනි බවත්,ඇස්බැන්දුම් කර ඵලක් නොවන බවත්’ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරැණානායක මහතා මාධ්‍ය වෙත සදහන් කළේය.
මේ පිළිබද වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,
“පයබරවාට පිටිකර බෙහෙත් බදිනවා වගේ නිකන් මේ වැඩ කරලා හරි යන්නේ නැහැ.මේකට හරි උත්තරයක් ලබාගැනීමට අවශ්‍යයි. මෙතන කෙළෙහිගුණයක් ඇති පක්ෂයක් ලෙස කටයුතු කිරීමට දැන් කාලය ඇවිත් තියෙන්නේ. මේකට පිටින් යනවා නම් ඒකට ලැබෙන උත්තරය වැඩිකල් යන්න ඉස්සර වෙලා ඉරණම පේන්න තියේවි” යැයිද ඒ මහතා සදහන් කර සිටියේය.