FAST NEWS

24×7 Around the Globe

සමූපකාර ක්‍ෂේත්‍රයේ ගැටළු ඉදිරි මාස 03 තුළ විසඳනවා..

සමූපකාර ක්‍ෂේත්‍රයේ ගැටළු ඉදිරි මාස 03 තුළ දී විසඳා‍ දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය දා සිය අමාත්‍යාංශයේ පැවති සමූපකාර ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සංවිධාන සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
සේවකයින්ගේ සහ සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, ඉදිරිපත් කළ අදහස් යෝජනා ගැනත්,අවධානය යොමු කරමීන් අමාත්‍යවරයා මෙ බව ප්‍රකාශ කළේය.
සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 14 ක් පමණ මෙම සාකච්ඡාවට සහභාගී විය.
මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරාධනය පරිදි සමූපකාර සංවිධානයන්හි නියෝජිතයින් තමන් මුහුණ පා සිටින ගැටලු එකිනෙක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.
DE සිල්වා