FAST NEWS

24×7 Around the Globe

චීන ජනාධිපතිට රැඳි සිටිය හැකි වාර ගණනේ සංශෝධනයක් !!!

ජනාධිපතිවරයෙකුට සිය ධූරයේ රැඳී සිටිය හැකි වාර ගණන දෙවරකට සීමා කළ නීතිය ඉවත්කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මෙය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් ලෙස කරළියට පැමීණෙමීන් ඇති බවද එම වාර්තා කියයි.
මෙ අනුව එම නීතිය චීන ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවහොත් වර්තමාන චීන ජනාධිපති ෂි ජින්පිං ට තවත් දීර්ඝ කාලයක් ධූරයේ රැඳී සිටීමට හැකිය.
වර්තමාන ව්‍යවස්ථා නීතිය අනුව චීන ජනාධිපතිවරයකුට ධූරයේ රැඳී සිටියේ හැකිවන්නේ අවුරුදු පහ බැගින් දෙවරක් පමණි.
එසේම චීන ජනාධිපති ෂි ජින්පිං ගේ ප්‍රථම ධූර කාලය ද නුදුරේදී අවසන් වීමට නියමිත වේ.
DE සිල්වා