ශ්‍රී ලංකාවේදී මාර්තු 06 දා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සදහා ඉන්දිය සංචිතය නිවේදනය කර තිබේ.
එ අනුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීණ සහ දක්ෂ ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා ඇති අතර වෙනුවෙට නවක ක්‍රීඩකයින් ඇතුළත් කර තිබේ.
මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, හර්දික් පාණ්ඩ්යා සහ කුල්දීප් යාදවු මෙම සංචිතයට ඇතුළත් කර නැත.
ඒ වෙනුවට නවක ක්‍රීන් වන වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට් යන නවක ක්‍රීඩකයින් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය සංචිතයට ඇතුළත් කර තිබේ.
ඉන්දීය සංචිතය – රෝහිත් ෂර්මා(නායක), කේ.එල්. රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාණ්ඩේ, දිනේෂ් කාර්තික්, යුෂ්වේන්ද්ර චහල්, අක්සාර් පටේල්, ෂර්දුල් ඨාකුර්, ජයදේවු උනාද්කට්, වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට







