FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියානු උප අගමැති ඉල්ලා අස්වෙයි

ඔස්ට්‍රේලියානු උප අගමැති බානබී ජොයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය කාලය තුළ ඔහුගේ දේශපාලන ජීවීතයට එල්ල වූ චෝදනා හමුවේ උප අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇත.
එළැඹෙන සඳුදා ඔහු ජාතික පක්ෂයේ නායක තනතුරෙන් ද ඉවත් වන බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ හිටපු කාර්යය මණ්ඩල සේවිකාවක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබීම මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇත.
කෙසේ වෙතත් ඔහුගේ මෙම ක්‍රියා කලාපය ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් විසින්ද හෙළාදැක තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි .