FAST NEWS

24×7 Around the Globe

ඉතාලි මැතිවරණයට ශ්‍රී ලාංකිකයෙක් තරග බිමට

ඉතාලියේ මිලාන් නගරයේ ජීවත් වන නෙරංජන් වාස් මහතා ලබන මාර්තු මස 6 වනදා ඉතාලියේ ලොම්බාර්දිය පළාත් මැතිවරණය සදහා එරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී ඇත.
වසර 35 කට අධික කාලයක් එරට ජීවත් වෙමින් ශ්‍රී ලාංකිකයන් සදහා මෙන්ම විදෙස් සංක්‍රමණිකයන් වෙනුවෙන්ද විශාල මෙහෙවරක් සිදුකර ඇත.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු විසදමින් එරට ජීවත් වීමට වඩාත් සුදුසු වටපිටාවක් ඇති කරලීමට මෙන්ම මිලාන් නගරයේ වෙසෙන සියලුම විදෙස් සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටීම තමන්ගේ මූලික අරමුණ බව වාස් මහතා සදහන් කරයි.