FAST NEWS

24×7 Around the Globe

මහින්දට විපක්ෂ නායකකම දෙන්න ටී. එන්. ඒ. බෑ කියයි – හේතුව මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට විපක්ෂ නායක ධුරය ලබාදිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වන අතර එම පක්ෂය බෙදී වෙන් වී කටයුතු කිරීම හමුවේ විපක්ෂ නායකත්වය ඔහු හට ලබාදිය නොහැකි බවයි.
පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් ශ්‍රීලනිප ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කොට තිබියදී එම පක්ෂය විපක්ෂය ලෙස පිළිගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන සුමන්තිරන් මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂය වන්නේ තවදුරටත් දෙමළ ජාතික සන්ධානය බව පෙන්වා දී ඇත.
එම නිසා තවදුරටත් ආර්. සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධුරය දැරිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.