FAST NEWS

24×7 Around the Globe

විස්සයි – 20 ට සමුදුන් මොටාසාට ක්‍රිකට් ආයතනයෙන් විශේෂ කැඳවිමක්..

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ඉන්දීයාව හා බංග්ලාදේශ සහභාගත්වයෙන් මාර්තු 06 වැනිදා ආරම්භ වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි-20 තරගාවලිය වෙනුවෙන් නැවතත් සංචිතයට එක් වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෂ්රිෆී මොටාසාගෙන් ඉල්ලීමක් කර තිබේ.
හෙතෙම පසුගිය වසරේ ශ්‍රී ලංකාව සමග පැවති විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය..
34 හැවිරිදි මොටාසා විස්සයි විස්ස තරග 54 කට ක්‍රීඩා කර කඩුළු 42 ක් දවාගෙන තිබේ.
පසුගිය වසරේ බංග්ලාදේශ කණ්ඩායම විස්සයි විස්ස තරග 13 කට සහභාගි වු අතර ඔවුන්ට ඉන් ජය ගැනීමට හැකි වුයේ එක් තරගයක් පමණී.
DE සිල්වා