ජාතික ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින කැබිනට් අමාත්‍යාංශයන් සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ ලැයිස්තුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (20) දිනයේදි ලිපියක් මඟින් දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙ අනුව එම නම් ලැයිස්තුවට අදාළ සංශෝධනයන්ට එජාපය නියෝජනය කරන ඇතැම් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ බලවත් විරෝධය පළ වී ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් එජාපය යටතේ පවතින අමාත්‍යාංශවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් අද (21) දවස ඇතුළතදී ලබාදීමට පක්ෂ නායකත්වය විසින් කටයුතු කරන බව එජාප ආරංචි මාර්ග පවසයි.









