FAST NEWS

24×7 Around the Globe

මරණ දඩුවමක් නිසා සල්මන් ඛාන් දේශපාලඥයන්ගේ උදහසට ලක් වෙයි.

මීට දසක දෙකකට පමණ ඉහතදි මුම්බායි නගරයට එල්ල වු බෝම්බ ප්‍රහාරයට වරදකරු බවට ඉන්දිය අධිකරණයක් විසින් මරණීය දණ්ඩණය නියම කළ චූදිතයෙක්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටිම හේතුවෙන් ඉන්දිය සුපිරි නළු සල්මන් ඛාන් ප්‍රබල ආන්දෝලනයකට මැදිවි ඇතැයි එවාර්තා වේ.

මේ ප්‍රකාශනයත් සමඟ ඔහු භාරතීය ජනතා පක්ෂයේ මෙන්ම කොංග්‍රස් පක්ෂ දේශපාලඥයන්ගේ උදහසටද ලක් වී ඇත. ට්විටර් හරහා පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ එක් අහිංසකයෙක් මරණිය දණ්ඩණයට ලක් කිරිම මානව සංහතියම ඝාතනය කිරිමට සමාන බවයි. සල්මන් ඛාන්ට ටිව්ටර් අනුගාමිකයන් මිලියන 13.1 සිටින බව වාර්තා වේ.